ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය ලෙකස වාර්තා අතරට ගොස් සිටි, 103 හැවිරිදි ඇග්නස් ක්ලෙටි අභාවප්රාප්ත වූවාය.
හංගේරියානු ජාතික ජිම්නාස්ටික් ශූරියක වන ඇය, අභාවප්රාප්ත වූයේ ලබන 9 වැනිදාට යෙදෙන 104 වැනි උපන් දිනයට පෙර වීම විශේෂත්වයකි.
ඇග්නස් ක්ලෙටි, ඔලිම්පික් රන් පදක්කමක් දිනුවේ 1952 වසරේදීය.
ඇය ඔලිම්පික් ශූරියක ලෙස රන් පදක්කම් 5 ක් ඇතුළු ඔලිම්පික් පදක්කම් 10 ක් දිනාගෙන ඇත.
ඇග්නස් ක්ලෙටි, අභාවප්රාප්ත වූයේ හංගේරියාවේ හමුදා රෝහලකදීය.