ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව සිදුවන වර්ගවාදී ක්‍රියාකාරකම්, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ සමාකාමී විරෝධතාවලට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය යන කාරණා විවාදයට ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද (15) නිවේදනය කළේය.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒ සම්බන්ධයෙන් විවාදයක් බදාදා පැවැත්වෙනු ඇත.
බුර්කිනා ෆාසෝ රාජ්‍ය පසුගිය සතියේදී කළ ඉල්ලීමක් සලකා බලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එම තීරණය ගෙන ඇත. අප්‍රිකානු රටවල් වෙනුවෙන් බුර්කිනා ෆාසෝ රාජ්‍ය පසුගිය සතියේදී අදාළ ඉල්ලීම කළේය.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක් හුදෙකලා සිදුවීමක් නෙමෙයි’’ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
අල්ජසීරා
055