‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නැතැයි ඉතාලි සෞඛ්‍ය අංශ පවසයි.
ඉතාලි සෞඛ්‍ය අංශ මෙසේ පැවැසුවේ, කොරෝනා වසංගත එරට ආක්‍රමණය කළ වසරක් ගතවෙද්දීය. පසුගිය වසරේ මාර්තු වන විට ඉතාලියේ නන්දෙසින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබුණි.
චීනයෙන් පසු විදේශයකින් වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වීමට පටන් ගත්තේ ඉතාලියෙනි. කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව ආසාදිතයන් සහ මරණ අතින් ඉතාලිය අභිබවා තිබේ.
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සිදුවුණු ආර්ථික සහ සමාජීය බලපෑම අතිමහත යැයි පැවැසෙයි. වසංගතය හේතුවෙන් රැකියා අහිමි වී අසරණ වූ පිරිස් බොහොමයකි.
මේ වනවිට යළිත් වරක් ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඉතාලි සෞඛ්‍ය අංශ පවසන්නේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුවත් ආසාදිතයන්ගේ අඩුවක් නැති බවය.
ඒ අනුව, මේ වනවිට ඉතාලිය තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටී.
සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව, ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගිගේ නව රජය මේ වනවිට ඉතාලිය ලොක්ඩවුන් කරමින් සංචරණ සීමා පනවා අවසන්ය.
වයිරස වසංගතය හමුවේ නව ආර්ථික සැලැසුම් ඉදිරිපත් කිරීමට අග්‍රාමාක්‍යවරයා ප්‍රතිඥා දී ඇති නමුත්, දිවුරුම් දීමෙන් පසු මාරියෝ ඩ්‍රාගි ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකී සිටින බවට ඉතාලි වැසියෝ චෝදනා කරයි.
මේ වනවිට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 3,306,711 කි. මරණ වාර්තා වන්නේ 103,855 ක් ලෙසය.
(රොයිටර්)