වසර 10 කට පසු, අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාව දරුණුතම ගං වතුර අවදානමකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
නයිජීරියානු මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, එරට ප්‍රාන්ත 36 න් 27 ක් මේවනවිට මුළුමනින් ජලයෙන් යටවී තිබේ.
පසුගිය දින කීපයට පුරා නොකඩවා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හටගත් ජල ගැලීම් අවදානම හේතුවෙන් නිවාස 90,000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති බව ද පැවැසෙයි. මියගිය ගණන 500 කට වැඩි යැයි නයිජීරියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
මිලියන 1.4 ක් පමණ නයිජීරියා වැසියන් ජල ගැලීම් හේතුවෙන් අවතැන්වී සිටින බවත්, ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවත් නයිජීරියා රජය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.
(ඒ.එෆ්.පී.)