වසර 140 කින් චීනයට වාර්තාගත වර්ෂාපතනයක්


වසර 140 කින් පසු චීනයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබේ. ඒ සුළි කුණාටු දෙකක් චීනයට කඩා වැදීම නිසාය.

සුළි කුණාටු හේතුවෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 27 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි.

චීන කාලගුණ නිලධාරීන් පැවැසුවේ, මිලි මීටර් 744.8 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවය. ඒ, 1891 වසරෙන් පසුවය.

බෙයිජීං අගනුවර ජලාශ සියල්ල මේ වනවිට පිටාර ගලා ඇති බවත්, මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් පැවැසෙයි.