ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් විසින් වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් සොයාගෙන ඇති අතර එය ලොව පැරණිතම මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරය වියහැකි බව ඔවුහු පවසති.
අබිඩෝස් කාන්තාර ප්‍රදේශයේ ඉපැරණි සුසාන භූමියක සිදුකළ පුරා විද්‍යා කැණීමකදී මෙම කම්හල සොයාගෙන තිබේ.
ඊජිප්තු සහ ඇමරිකානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් මෙම ගවේෂණය සිදුකර ඇත.
ධාන්‍ය සහ ජලය මිශ්‍රණයක් රත් කිරීමට භාවිතා කරන ලද භාජන 40 ක් පමණ අඩංගු ඒකක ගනනාවක් ඔවුන් විසින් සොයාගෙන තිබේ.
මෙහි මහා පරිමානයෙන් බියර් නිපදවන ලදැයි විශ්වාස කරන අතර වරකට ලීටර් 22,400 ක් පමන නිපදවන්නට ඇතැයි ගනනය කර තිබේ. ඊජිප්තු රජවරුන්ගේ රාජකිය චාරිත්‍ර වාරිත්‍ර සඳහා සහ පූජා සඳහා මෙම බීර යොදාගත් බවට සාක්ෂි හමුවී ඇත.
අබිඩෝස්, පුරණ ඊජිප්තුවේ පැරණිතම නගර වලින් එකක් වන අතර එහි විශාල සුසාන භූමි හා පන්සල් ද ඇත.
පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම මත්පැන් නිශ්පාදනාගාරය නර්මර් රජුගේ යුගය දක්වා දිවයන බවයි.
නර්මර් රජු මීට වසර 5,000කට පමණ පෙර ඊජිප්තුව පාලනය කළේය. ඔහු රාජ වංශයේ ආරම්භකයා ලෙස සැලකෙන අතර ඊජ්තුව එක්සත් කල බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි)
085