වසර 50 කට පසු සහරා කාන්තාරයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි සෞදි බලධාරීහු පවසති.
අධික වර්ෂාව හේතුවෙන් සහරා කාන්තාරයට අයත් ප්‍රදේශ කීපයක ජල ගැලීම් ද හටගෙන ඇත.
සහරා කාන්තාර ප්‍රදේශයට ද විටින් විට මද වර්ෂා පතනයක් ඇද හැලෙයි.
එසේ වුවත් මෙවැනි වර්ෂාපතනයක් ලැබීම අසාමාන්‍ය සන්සිද්ධියක් බවත්, මෙය ද ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් බවත් කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.