වාද්‍ය වෘන්දයක් මෙහෙය වූ රොබෝවකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ.
‘එවර් 6’ නමැති මෙම රොබෝ කොරියානු ජාතික තාක්ෂණ ආයතනයේ නිර්මාණයකි.
කොරියානු ජාතික රඟහලේ පැවැති ප්‍රසංගයකදී ‘එවර් 6’ ඉතා නිවැරදිව දෑත් හසුරුවමින්, වාද්‍ය වෘන්දය මෙහෙය වූ බව පැවැසෙයි.
‘එවර් 6’ මානවරූපී රොබෝවෙකි. පාද නැති අතර, රෝදවලින් ගමන් කරයි. සිරුරෙන් උඩ කොටස නම්‍යශීලීය. සිරුර, අත් සහ හිස චලනය කළ හැකිය.
ජාතික තාක්ෂණ ආයතනය පැවැසුවේ තමන්ගේ රොබෝ සංගීතඥයා රඟහලට පැමිණ සිටි පිරිස අමන්දානන්දයට පත් කිරීමට සමත් වුණු බවය.
ප්‍රසංගය හිතුවාටත් වඩා සාර්ථක වූයේ යැයි ‘එවර් 6’ නිර්මාතෘවරු පවසති.