වායු දූෂණය වැඩිම නගරය නේපාලයේ කත්මණ්ඩු


වායු දූෂණය වැඩිම ලෝකයේ නගර අතර, පළමු ස්ථානයේ ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු බව විදෙස් මාධ්‍ය පවසයි.

නිරන්තරයෙන් ඇතිවන ළැව් ගිනි හේතුවෙන් නේපාලයේ නගර දුම්වලින් වැසී යන බවත්, එනිසා එරට වායු දූෂණය ඉහවහා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝකයේ නගර 101 ක වායු දූෂණ තත්ත්වය මැනීම සිදු කරන, ‘අයි.කිව් එයාර්’ සංවිධානයට අනුව කත්මණ්ඩු නගරයේ වායු තත්ත්ව දර්ශක අගය 190 ලෙස සටහන් වූ බවත් ඒ අනුව කත්මණ්ඩු නගරයට නගර 101 ක් අතරින් පළමු ස්ථානය හිමිවන බවත් පැවැසෙයි.

කත්මණ්ඩු නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනුව කත්මණ්ඩු නගරයේ වායු තත්ත්ව දර්ශක අගය 200 පසුකර තිබේ. වායු දර්ශක අගය 200 අගය පසු කිරීම සිරුරට අහිතකර වෙයි.

(එන්.ඩී.ටීවී.)