කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය අද (24) පියවර ගත්තේය.
චීනය සංස්කෘතික විප්ලවයෙන් පසු වාර්ෂික පාර්ලිමේන්තු සැසියක් කල් දැමූ පළමු අවස්ථාව මෙය විය.
ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නායකයෝ මෙම වාර්ෂික පාර්ලිමේන්තු සැසියට සහභාගී වෙති. චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිය ජාතික ජනතා කොංග්‍රසය යනුවෙන් හැඳින්වෙන අතර එහිදි රබර් මුද්‍රා තැබීම්, අයවැය, චීන ජනාධිපතිවරයාගේ ඇතුළු ඉහළ පෙළේ නායකයන්ගේ තීරණ දැනුම් දීම් ආදිය සිදුකෙරේ.
මාරාන්තික කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ බොහෝ කටයුතු මේ වනවිට අඩපණ වී තිබේ. කොවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසය නිසා 2,500කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර 80,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී තිබේ.
මෙම හදිසි තත්ත්වයත් සමඟ වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 5 වැනිදා දක්වා කල්දැමීමට චීනයේ ජාතික ජනතා කොංග්‍රසයේ ඉහල පෙළේ කමිටුව අද තීරණය කළේය.
වාර්ෂික පාර්ලිමේන්තු සැසියට සහභාගී වන බොහෝ නායකයෝ සහ නිලධාරීහු ඔවුන්ගේ පළාත්වල සිරවී සිටිති. ඔවුහු එම පළාත්වල කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීම සඳහා පියවර ගනිමින් සිටිති.
චීනයේ, එරට නගර රැසක් පූර්ණ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබෙන අතර වෙනත් පළාත් හා නගරවලින් බීජිං නුවරට පැමිණෙන සියලු දෙනාද නිරෝධායන ක්‍රියාවලියට ලක් කරයි. මේ හේතුවෙන් නියෝජිතයන් 3,000කට වැඩි පිරිසක් සහභාගී වන වාර්ෂික සැසිවාරය පැවැත්වීම ප්‍රායෝගිකව අපහසු වී ඇත.
ඒ.එෆ්.පී.
055