රුසියන් රජය සමඟ ඇතිකරගත් කැරැල්ල අවසන් වීමෙන් පසු, රජය සමඟ එකඟ වුණු කොන්දේසි අනුව, තමන් සතු බර අවි රුසියන් රජයට බාර දීමට ‘වැග්නර්’ කුලී හේවායන් පියවර ගෙන ඇත.
පැය 24 ක් ඇතුළත කැරැල්ල අවසන් වූයේ රුසියන් රජයේ කොන්දේසි කීපයකට ‘වැග්නර්’ කුලී හේවායන් සහ ‘වැග්නර්’ ප්‍රධානී ප්‍රියෝජින් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීමෙන් පසුවය.
ඇති කරගත් එකඟතාවට අනුව, කැරැල්ලට සම්බන්ධ වුණු ‘වැග්නර්‘ සාමාජිකයන්ට ද චෝදනා එල්ලවීමක් සිදු නොවෙයි. ඔවුන් රුසියන් හමුදාවටත් වෙනත් ආරක්ෂක අංශවලටත් බදවා ගැනීමට කටයුතු කරන බව රුසියන් ජනාධිපති පුටින් පවසා තිබේ.