වැඩිම ආසාදිතයන් වාර්තා වෙයි


මහා බ්‍රිතාන්‍යයේ වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ඊයේ (15) වාර්තා විය. එම ගණන 78,610 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන මිලියන 11 පසු කර තිබේ. මහා බ්‍රිතාන්‍යයේ ජනගහනය මිලියන 67 කි.

සෞඛ්‍ය අංශවලට අනුව, මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් විකෘති වයිරස ද දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. ලොව ඔමික්‍රෝන් පළමු මරණය ද පසුගිය දා බ්‍රිතාන්‍යෙයන් වාර්තා විය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ ඉදිරි සති කීපයේ දී ඔමික්‍රෝන් සුනාමියක් පැමිණීමට නියමිත බවය.

(රොයිටර්)