විද්‍යුත් තැපැල් ගිණුම් බ්ලොක් කරලා


ගූගල් සමාගම විසින් ඇෆ්ගන් රජයේ විද්‍යුත් තැපැල් ගිණුම් අවහිර (Block) කර තිබේ.
තලෙයිබාන් සටන්කාමීන් රජයේ විද්‍යුත් තැපැල් ගිණුම්වලට ඇතුළු වීමට උත්සාහ දැරීම හේතුවෙන් ගූගල් සමාගම මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ඇෆ්ගන් රජයට අදාළ විද්‍යුත් තැපැල් ගිණුම් කිහිපයක් තාවකාලිකව අවහිර කිරීමට පියවර ගැනීමට ගූගල් සමාගම කටයුතු කර ඇත.

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතුවීමෙන් අනතුරුව තලෙයිබාන්වරුන් ඇෆ්ගන් රජයේ වැටුප් ගෙවීමේ පද්ධතියට ඇතුළු වී දත්ත සෙවීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ .
පෙර පැවති ඇෆ්ගන් රජයේ සේවකයෙකු පවසා ඇත්තේ, ඔහු සේවය කළ අමාත්‍යංශයට අදාළ දත්ත ඔවුන්ට ලබා දෙන ලෙස තලෙයිබාන්වරුන්, තමන්ට නියෝග කළ බවය.

(හින්දුස්ථාන් ටයිම්ස්)