මහා බ්‍රිතාන්‍යය මුහුණ දී සිටින, ලොරි රියදුරන්ගේ හිඟය ට පිළියමක් ලෙස විදෙස් ලොරි රියදුරන් සඳහා තාවකාලික වීසා නිකුත් කිරීමට එරට තීරණය කර තිබේ.
ඒ අනුව සංක්‍රමණික නීති කෙටිකලක් සඳහා සංශෝධනය කිරීමට ඉඩ ඇති බවත් එරටට ඇතුළු විය හැකි විදෙස් සේවකයන් ගණන සඳහා සීමාවක් පැනවීමටත් තීරණය කර ඇත. තාවකාලික වීසා 5,000ක් පමණ නිකුත් කිරීමට නියමිතය.
රියදුරන් හිඟවීම හේතුවෙන් මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ඉන්ධන ප්‍රවාහනයට බාධා එල්ල වී තිබේ. මේ නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසාදමා ඇති අතර ඇතැම් පිරවුම්හල්වල දිගු වාහන පෝලිම් දකින්න ලැබේ.
කෙසේ නමුත්, රට තුළ අවශ්‍යතරම් ඉන්ධන තොග ඇති බැවින් කලබල නොවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත. මේ වනවිට භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා රියදුරන් 100,000ක පමණ පුරප්පාඩු ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)