‘මන්කි පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ආසාදිතයකු පළමු වරට හමුවීමත් සමඟ චීන සෞඛ්‍ය අංශ එරට වැසියන්ට අනතුරු අඟවමින් පවසා ඇත්තේ විදේශිකයන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසය.
මෙම අනතුරු ඇඟවීම කළේ චීනයේ වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ වූ සුන්යු ය.
පළමු වරට වඳුරු උණ ආසාදිතයකු හමුවුණු බව චීන සෞඛ්‍ය අංශ නිවේදනය කළේ පසුගිය 16 වැනිදාය. එම ආසාදිතයා විදේශගතව සිට චීනයට ආ අයෙකු වන අතර, ‘කොවිඩ් 19’ සඳහා නිරෝධානයේ සිටිද්දී ‘වඳුරු උණ’ ආසාදිතයකු ලෙස හඳුනා ගැණුනි.
(රොයිටර්)