විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක්


පාකිස්තාන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් සොයාගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා තමා ඇතුළු විනිසුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් යෝජනා කරන බව පාකිස්තාන අග විනිසුරු උමර් අටා බන්දයාල් පවසා තිබේ.

පාකිස්තාන මැතිවරණ කොමිසම පන්ජාබ් මැතිවරණය ඔක්තෝබර් 8 වැනිදා දක්වා ප්‍රමාද කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය ගොනුකළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අග විනිසුරු බන්දායල් මහතා මෙම යෝජනාව සිදු කළේය.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් බව වාර්තා වේ.

(රොයිටර්)