වියට්නාමයේ නායයෑමකින් 19 ක් මියයති


 


 
වියට්නාමයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බව එරට බලධාරීහු පැවසූහ.

ප්‍රබල සුළිකුණාටුවක් මගින් ඇතිවූ ධාරාණිපාත වර්ෂාව නායයෑමට හේතුවී ඇත.

මොලාව් සුළි කුණාටුව ඩා නැන් නගරයට ආසන්න වෙරළබඩ ප්‍රදේශයට ඊයේ ළඟාවීම හේතුවෙන් අධික වැසි සහ තද සුළං ඇතිවිය.

මෙම සුළිකුණාටුවෙන් මධ්‍යම වියට්නාමයේ මිලියනයකට අධික ජනතාවකට බලපෑම් එල්ල වී තිබේ.

375,000 පමණ පිරිසක් ආරක්ෂිත ස්ථානවල රඳවනු ලැබ සිටිති.

සුළිකුණාටුව මේ වන විට බටහිර දෙසට තායිලන්තය සහ මියන්මාරය කරා ගමන් කරමින් පවතී.

-226-
(බීබීසී ඇසුරෙනි)