වියට්නාම් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි


වියට්නාම් ජනාධිපති සුවාන් පුක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමට හේතු වූයේ, සුවාන් පුක්ගේ නිර්දේශ මත, රජයේ ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් බොහෝ දෙනකුට ද දූෂණ චෝදනා එල්ල වීමය.

චෝදනා එල්ල වුණු නිලධාරීන් බොහෝ දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි. වියට්නාමයේ බලයේ සිටින්නේ ‘කොමියුනිස්ට්’ පක්ෂයයි. වියට්නාමයේ ජනාධිපතිවරයා ගැනීම සිදු කරනු ලබන්නේ ද ‘කොමියුනිස්ට්’ පක්ෂයයි.

68 හැවිරිදි සුවාන් පුක් ධුරයෙන් ඉවත් කිරීමට බලපෑම් එල්ල කළේ ‘කොමියුනිස්ට්’ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. ජනාධිපති ධුරයට තවමත් සුදුස්සකු නම් කර නැත.

(රොයිටර්)