වියානා නුවර ත්‍රස්ත ප්‍රහාරයක් - දෙදෙනකු මරුට


 

ඔස්ට්‍රියාවේ වියානා නගරයේ, සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් ස්ථාන හයකදී සිදුකළ වෙඩිතැබීම් වලින් දෙදෙනකු මියගොස් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

වියනා පොලිසිය පවසන්නේ තුවක්කුකරුවෙකු ද මියගොස් ඇති බවයි.
පළමු ප්‍රහාරය වියනාහි ප්‍රධාන විහාරස්ථානය වන සයිටෙන්ටෙටෙන්ගාස් අසලදී ආරම්භ වී තිබේ.
ඒ වනවිට පන්සල වසා තිබුණු අතර වෙඩි තැබීම් සිදුවන විට මිනිසුන් වීථි දිගේ දිවගිය ආකාරය මාධ්‍ය වාර්තා කර ඇත.
වෙඩිතැබීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර තුවාල ලැබූ කාන්තාවක රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. නගරාධිපති මයිකල් ලුඩ්විග් පවසන්නේ තුවාල ලැබූ 14දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.
කොරෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා රටපුරු සීමාවන් පැනවීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාර ආරම්භවී තිබේ. එම අවස්ථාවේ බොහෝ පිරිස් බාර් අවන්හල් වල පිරී සිටි බව පැවසේ.

මේවනවිට ඒවා නොවැම්බර් අග දක්වා වසා දමා ඇත.

එය "පිළිකුල සහගත ත්‍රස්ත ප්‍රහාරයක්" බව ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කෲස් පවසයි.

යුරෝපීය නායකයින් ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ දරුණු ප්‍රහාරයෙන් තමන් දැඩි කම්පනයට පත්වූ බවයි.

(බීබීසී ඇසුරිණි - 085)