විශාලතම නාවික අභ්‍යාසය ඇරැඹේ


ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ලෙස සැලකෙන 'රිම් ඔෆ් ද පැසිෆික්' නාවික යුද අභ්‍යාසය, ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන්ට මේ වනවිට ආරම්භ වී ඇත.

රටවල් 29 කින් 25,000 කට අධික නාවික භටයන් සංඛ්‍යාවක් මෙවර  'රිම් ඔෆ් ද පැසිෆික්'  සහභාගි වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පැසිෆික් කලාපයේ ඇමෙරිකාවට අයත් හවායි දූපත් ආශ්‍රිතව යුද අභ්‍යාසය පැවැත්වෙයි. 'රිම් ඔෆ් ද පැසිෆික්' යනු වාර්ෂිකව පැවැත්වෙන යුද අභ්‍යාසයකි‍.

දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, නැගෙනහිර ආසියා රටවල්, දකුණු ආසියා රටවල්, ලතින් ඇමෙරිකා රටවල් පමණක්  නොව යුරෝපා රටවල් රැසක් ද මෙම නාවික යුද අභ්‍යාසයට සහභාගි වෙයි.