වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රියක් සහ තවත් මෝටර් රථ කීපයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 16 කි.
තුවාල ලැබූ තවත් 6 දෙනකු රෝහල්ගත කළ බවත් ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. අනතුරින් පසු ට්‍රක් රථය ගිනි ගෙන ඇත. එය නිවා දැමීමට ගිනි නිවන භට කණ්ඩායම් යෙදවිණි.