වෙනිසියුලාවේ අවි ගැටුමක්


වෙනිසියුලාවේ, කැරකස් නුවර පොලීස් නිලධාරීන් සහ සන්නද්ධ පිරිසක් අතර හටගත් ගැටුමකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය පිරිස අතර සන්නද්ධ සාමාජිකයන් 22 දෙනෙකු සහ පොලිස් නිලධාරින් සිවු දෙනෙකු සිටින බව ද පැවැසෙයි.

ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගිය බවත් තවත් 40 දෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අවි ගැටුම සිදුවී ඇත්තේ පොලිසිය සිදු කළ වැටලීමක් අතරතුරේය.

(රොයිටර්)