ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, මධ්‍යම වෙනිසියුලාවේ හටගත් නායයෑමකින් පුද්ගලයෝ විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 80 ක් පමණ අතුරුදන් බව ද පැවැසෙයි.
නායයෑම හටගත්තේ මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගැලීමට පටන් ගත් අවස්ථාවේදීය. නායයෑමට හසුවූයේ ලාස් ටෙජරියාස් නගරයයි.
“නිවාස සහ ගොඩනැගිලි බොහොමයක් පස් සහ මඩ තට්ටුවලින් යටවෙලා. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ලහිලහියේ සිදුවෙනවා. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.” යැයි වෙනිසියුලා නියෝජ්‍ය ජනාධිපති ඩෙල්සි රොඩ්රීගස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(රොයිටර්)