මෙම 2024 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්රදානය මේ වනවිට ආරම්භ වී ඇත.
ඒ අනුව මෙම 2024 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය, අපගේ සිරුරේ ඇති DNA වල අඩංගු මයික්‍රො RNA පිළිබඳ කළ පර්යේෂණ සඳහා වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් යන ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමුණි.
පෘථිවියේ සංකීර්ණ ජීවය පහළ වීම, මනුෂ්‍ය වර්ගයා බිහිවීම සහ මනුෂ්‍ය සිරුරේ විවිධ ස්ථර නිර්මාණය වූ ආකාරය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් ට හැකි වී ඇත.
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර නොබෙල් කමිටුව මේ බව නිවේදනය කළ අතර, මෙම විද්‍යාඥයන් දෙදෙනාට ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක (රුපියල් කෝටි 31ක් පමණ) ත්‍යාගයක් හිමිවෙයි.