ශුද්ධෝත්තම පාප්තුමා යුක්රේනයට සාමය පතයි


පාස්කු දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් යුක්රේනයට සාමය ප්‍රාර්ථනා කළේය.

පසුගිය පෙබරවාරියේ සිට රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගනු ලබන හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන්, යුක්රේන සිවිල් වැසියන් මියයෑම, තුවාල ලැබීම සහ දේපොල හානිය පාප්තුමන්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් විය.

යුද්ධය නොව අවශ්‍ය වන්නේ සාමය බව පාප්තුමන් දිගින් දිගටම අවධාරණය කළේය.

රුසියාව, පසුගිය පෙබරවාරි 24 වැනිදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේදී පාප්තුමන් රුසියාවෙන් ඉල්ලා සිටියේ වහා යුද්ධය නවත්වන ලෙසය. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට කන් දුන්නේ නැත.

(රොයිටර්)