ෂකිරාගේ පිලිමයක්


ලොව අතිශය ජනප්‍රිය, සුරූපී සුපිරි ගායිකා ෂකිරාගේ මීටර් 6.5 ක් උස ප්‍රතිමාවක්, ඇයට ගරු කිරීමක් ලෙස ඉදිකර, නිරාවරණය කිරීමට කොලොම්බියාවේ, බැරැන්කිලා නගර බලධාරීහු කටයුතු කළහ. ෂකිරාගේ උපන් නගරය වන්නේ බැරැන්කිලාය.

පිලිමයෙන් නිරූපණය වෙන්නේ ෂකිරා ‘හිප්ස් ඩෝන්ට් ලයි’ නමැති ඇගේ ජනප්‍රිය ගීතයේ, උකුල නළවමින් නර්තනයේ යෙදෙන ආකාරයයි. පිලිමය නිරාවරණය සිදු කිරීම වෙනුවෙන් චාම් උත්සවයක් පැවැත්වුණු අතර, ඊට ෂකිරාගේ මාපියෝ සහභාගී වූහ.

තමන්ට ගරු කරමින් ඉදිකළ පිළිමය සම්බන්ධයෙන් තමන් නගර බලධාරීන්ට සහ නිර්මාණකරුවන්ට හිස නමා ආදාර කරන බව 46 හැවිරිදි ෂකිරා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සතුට පළ කරමින් පවසා ඇත.

(අල් ජසීරා)