චීනයේ ෂැංග්හායි නුවර කොරෝනා වයිරසය අසාදනය වූ තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. චීන සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ෂැංග්හායි නුවරින් කොරෝනා මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
මියගිය තිදෙනා වයෝවෘද්ධ පුද්ගලයන් බවත් නිධන්ගත රෝගවලින් පීඩා විඳින අය බවත් නගර බලධාරීහු පවසති. ෂැංග්හායි නුවර පසුගිය මාර්තු මස ලොක්ඩවුන් කිරීමෙන් පසු වාර්තා වන පළමු කොරෝනා මරණ වන්නේ ද මෙයයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 89 ක් සහ 91 ක් වූ කාන්තාවන් දෙදෙනකු සහ වයස අවුරුදු 91 පුද්ගලයකු බව රෝහල් ආරංචි මාර්ග පවසා ඇත. පසුගිය මාර්තු මස සිට දිනකට රෝගීන් 25,000 කට අධික ප්‍රමාණයක වාර්තා වීම හේතුවෙන් මිලියන 25 ක නගරවාසින් නිවෙස් වලින් පිටවීම සීමා කළ කෙරුණි.
(රොයිටර්)