සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 59 ක් මරුට


නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් කුඩා බෝට්ටුවක් ඉතාලියට දකුණු දෙසින් මුහුදේ ගිලී යෑමෙන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම පිරිස අතර කුඩා දරුවන්  12 දෙනකු සිටින බව ඉතාලි වෙරළාරක්ෂකයෝ කියති. එම කුඩා දරුවන් අතරේ මාස කීපයක බිලිඳකු ද සිටින බව පැවැසෙයි.

බෝට්ටුව පැමිණ ඇත්තේ, දකුණු ඉතාලියේ කලාබි්‍රයා පළාතේ ක්‍රෝටෝන් නමැති වෙරළාශ්‍රිත නගරය දෙසටය. රළු මුහුදේ යාත්‍රා කරමින් තිබුණු බෝට්ටුව සැඬ පහරට හසුවීමෙන් දෙකඩ වුණු බව පැවැසෙයි.

ඉතාලි වෙරළාරක්ෂකයන් පවසන්නේ, බෝට්ටුවේ 150 දෙනකු පමණ ගමන් කරමින් සිට ඇති බවය. ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙටියෝ පියැන්ටේඩෝසි මාධ්‍ය පවසා ඇත්තේ බෝට්ටුවේ සිට අතුරුදන් වුණු ගණන 30 ක් බවය.

(රොයිටර්)