විදෙස් සංචාරකයන් රැගෙන පියාසර කරන්න වූ හෙලිකොප්ටරයක්, නේපාලයේ එවරස්ට් ශිඛරයට කන්දට නුදුරින් පිහිටි තවක් කන්දක හැපී විනාශ විය.
හෙලිකොප්ටරයේ නියමුවා ද සමඟ හය දෙනකු සිට ඇති අතර, පස් දෙනකුගේ සිරුරු කොටස් හමුවී ඇතැයි පැවැසෙයි. හෙලිකොප්ටරයේ සිට ඇත්තේ මෙක්සිකෝ සංචාරකයන් පිරිසකි. නියමුවා නේපාල ජාතිකයෙකි.
හෙලිකොප්ටරය අනතුරට පත් වූයේ ලාමාජුරා ප්‍රදේශයේ යැයි ද පැවැසෙයි. අයහපත් කාලගුණය අනතුරට හේතුව යැයි පැවැසෙයි.