සංචාරකයන්ට ජපානය විවිර වෙයි


'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් වසා දැමුණු දේශසීමා විදෙස් සංචාරකයන් සදහා යළි විවෘත කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

ඒ අනුව  රටවල් 98 ක වැසියන්ට ජපානයට පැමිණීමට අවසර ලැබෙනු ඇත.

ජපන් සෞණ්‍ය අංශ මේ වනවිට ඔවුන් පනවා තිබූ 'කොවිඩ් 19' නීතිරීති ලිහිල් කර තිබේ. ඒ වයිරස ව්‍යාප්තියේ දරුණු ස්වරූපය පහව යැම සැලකිල්ලට ගනිමිනි.

ජපානයට පිවිසීමේදී, නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන තිබීම සහ සංචාරක කණ්ඩායම් වශයෙන් පැමිණීම ආදී නීති හදුන්වා දී ඇතැයි ද පැවැසෙයි.

(බීබීසී)