වසර පහකට පසු සංචාරකයන් සඳහා දේශසීමා විවෘත කිරීමට උතුරු කොරියාව සූදානම් වෙයි. ඒ අනුව, සංචාරකයන්ට පිවිසීමට අවසර ලැබෙනු ඇත්තේ, ඊසානදිග උතුරු කොරියාවේ, සැම්ජියොං නමැති නගරයටය. සැම්ජියො‘ නගරය සංචාරකයන්ට විවෘත වනු ඇත්තේ මෙ වසරේ දෙසැම්බරයේය.
සිය න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, උතුරු කොරියාවට ජාත්‍යන්තරයෙන් සම්බාධක පනවා ඇත. එහෙයින්, උතුරු කොරියාව සබඳතා පවත්වන්නේ රටවල් කීපයක් සමඟයි.
‘කොවිඩ් 19’ වසංගත සමයේ, උතුරු කොරියාව, ඔවුන්ගේ දේශසීමා වසා දැමුණි. ඒ, එරට සිටි සියලුම විදේශිකයන් රටින් පිට කරමිණි. සැම්ජියොං දේශසීමා නගරය යළි විවෘත කිරීමට උතුරු කොරියා රජය තීරණය කළේ සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමේ අරමුණින් යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)