කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් සිවු දින තාවකාලික සටන් විරාමය, හෙට (28) අවසන් වීමට නියමිතය.
සටන් විරාමය තවත් ඉදිරියට ගෙන යන්නැයි ඇමෙරිකා ජනාධිපති ඇතුළු ලෝක නායකයන් බොහෝ දෙනකු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබේ.
සිවුදින සටන් විරාමයට සමගාමීව, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීන සිරකරුවන් 39 දෙනකුට නිදහස ලබා දුන්නේය. ඊශ්‍රායලය නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් ගණන 150 කි.
හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි 13 දෙනෙකු නිදහස් කර තිබේ. එම පිරිස අතර විදේශිකයෝ ද වෙති. හමාස් සටන්කාමීන් එකග වී ඇත්තේ ප්‍රාණ ඇපයේ සිටින 50 දෙනකු මුදා හරින බවය.