සමරිසියන්ට විවාහ වීම ඇතුළු සම අයිතිවාසිකම් ලබාදීමට ස්විට්සර්ලන්ත ජනතාව අනුමැතිය ලබා දුන්හ. ඒ සඳහා ඊයේ (26) පැවති ජනමත විචාරණයේ දී ඊට පක්ෂව ජන්ද සියයට 64.1ක් හිමි විය.විරුද්ධව ඡන්ද සියයට 35.9ක් ලැබිණි.
මෙම ජනමත විචාරණ ජයත් සමග ස්විට්සර්ලන්තයේ අගනුවර වන බර්න් හි ඉරිදා ආධාරකරුවන් එකතු කර ගනිමින් “සැමට විවාහය” ( මැරේජ් ෆෝ ඔල්) යන ජාතික කමිටුවේ ඇන්ටෝනියා හවුස්වර්ත් පැවසුවේ “අපි ඉතා සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින්නෙමු යනුවෙනි.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමලිංගික යුවලකට සිවිල් විවාහ නීතිය විවෘත කිරීම "සමානාත්මතාවයේ සන්ධිස්ථානයක්" බවය.
කෙසේ වෙතත්, ස්විට්සර්ලන්තයේ දක්ෂිනාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂයේ සහ “සියළු දෙනාම විවාහ වීම තහනම්” ( නොට් ටු මැරේජ් ෆෝ ඔල්) සංවිධානයේ යන ජනමත විමසුම් කමිටුවේ සාමාජිකාවක් වන මොනිකා රූගර් පැවසුවේ මෙම තීන්දුවෙන් තමා කලකිරීමට පත් වූ බවයි." මෙය ආදරය සහ හැඟීම් ගැන නොව, දරුවන්ගේ සුභසාධනය ගැනයි. මෙහි පරාජිතයන් වන්නේ දරුවන් සහ පියවරුන්" යැයි ඇය රොයිටර් පුවත් සේවයට පැවසුවාය.
මෙම නව නීතිය ගැන ස්විස් අධිකරණ ඇමතිනි කරින් කෙලර්-සුටර් බර්න් අගනුවරදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ,"වර්තමාන සැලකීමේ අසමානතාවයන්" අවසන් වන බවත්, "පුරවැසියන් ඔවුන්ගේ ජීවිත ගත කළ යුතු ආකාරයේ නීති රජය විසින් පනවන්නේ නැති බවත්" ය.ප්‍රථම සමරිසි විවාහ 2022 ජූලි 01 වැනිදා සිට කළ හැකි බවද කෙලර්-සූටර් පැවසුවාය.
මෙම ජනමත විචාරණය ජයග්‍රහණය කිරීමත් සමග එරට සමරිසියන්ට ළමුන් තම භාරයට ගෙන හදා වඩා ගැනීම සඳහා නීත්‍යානුකූල අනුමැතිය ද හිමිවිය .මෙලෙස සමරිසි කාන්තාවන් දෙදෙනෙකු විසින් හදා ගනු ලබන දරුවාගේ මව ලෙස අදාල කාන්තාවන් දෙදෙනාගේම නම් යොදාගැනෙනු ඇත.
ජනමත විචාරණ ජයත් සමග ස්විට්සර්ලන්ත පුරවැසියෙකු විදේශීය සහකරුවෙකු හෝ සහකාරියක් විවාහ කර ගැනීමේදී, පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සමරිසි ජෝඩු සඳහා ද අයදුම් කළ හැකි වන පරිදි නව නීති සම්පාදනය වනු ඇත.
සිවිල් විවාහ සහ සමලිංගිකයින් සඳහා දරුවන් හදා ගැනීමේ අයිතිය නීත්‍යානුකූල කරමින් බටහිර යුරෝපයේ සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ අවසන් රට බවට පත් වූයේ ස්විට්සර්ලන්තයයි.
(සී.එන්.එන්.)