සර්බියාවේ දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටිලා


උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී.

කොන්ක්‍රීට් වියනට සිරවුණු පිරිස් මුදා ගැනීමට සහව සේවකයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව සර්බියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම අනතුර හේතුවෙන් සර්බියානු රජය විශේෂ ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කෙරුණු බව පැවැසෙයි.