පවතින අර්බුද සාමකාමී විසදා ගැනීමට චීනයත් ඇමෙරිකාවත් ක්‍රමයක් කල්පනා කළ යුතු යැයි තෙවැනි වරටත් ජනාධිපති ධුරය හිමි චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.
ෂී ජින්පින් ට තෙවැනි වරටත් ජනාධිපති ධුරය හිමිවූයේ පසුගිය සති අන්තයේය. ඒ, කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට හැකි වීමත් සමගය.
මේ අතර, චීනය සමඟ ගැටුම් ඇති කර ගැනීමේ අදහසක් ඇමෙරිකාවට නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් හොඳින් දන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද පවසා තිබේ.
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින අර්බුද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකිවනු ඇති බවත්, චීන ජනාධිපති ජින්පින් කිසිදු අවස්ථාවක ඇමෙරිකාව සමඟ ගැටුම් ඇති කර නොගනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)