ස්පාඤ්ඤ රජයට එරෙහි විරෝධතා


මහ වැසි සහ ප්‍රචණ්ඩ ජල ගැලීම්වලට හසුවී තමන් අන්ත අසරණ වෙද්දී, තමන්ට සහන සැපැයීමට සහ එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අපහසු වූ බව චෝදනා නගමින් ස්පාඤ්ඤ වැසියෝ දහස් ගණනක් එරට රජයට එරෙහි විරෝධතා පැවැත්වූහ.

විරෝධතා පැවැත්වූයේ ජල ගැලීම්වලින් මහා හානියක් සිදුවුණු වෙලෙන්සියා නගරයේ වැසියන්ය. ස්පාඤ්ඤය කැලැඹූ මෙම මහා ජල ගැලීම් වසර ගණනකට පසු යුරෝපා රටක වැසියන් මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකෙයි. ස්පාඤ්ඤය යුරෝපා රටකි.