ස්පාඤ්ඤය කොරෝනා පාලනයට හමුදාව කැඳවයි


ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමේ කටයුතුවල සහායට හමුදාව කැඳවීමට තීරණය කර ඇති බව එරට අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්චෙස් මහතා පවසයි.

ඒ අනුව ප්‍රදේශීය ආණ්ඩුවල සහායට හමුදා භටයින් 2000 ක් පමණ යෙදවීමට නියමිතය.

වයිරසය රට තුළ පැතිරීම ඉතා කණගාටුදායක කරුණක් බව ස්පාඤ්ඤ අගමැතිවයා සඳහන් කළේය.

යුරෝපයේ රටවලට දැඩි අගුලුදැමීමේ සීමා පැනවූ මාර්තු මස මැද භාගයේ පැවති තත්ත්වයට වඩා වත්මන් තත්ත්වය බොහෝ දුරගොස් ඇතැයි ඔහු පැවසීය.

ජනතාවගේ ජීවිත නැවත පාලනය කිරීමට කොරෝනා වසංගතයට ඉඩ නොහැරිය යුතු බව අගමැතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව කොරෝනා වයිරසයේ මෙම දෙවැනි පැතිරීම පාලනය කිරීමට හා වැළැක්වීම කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

වයිරසය හේතුවෙන් ඇතිවී ඇති භීතිකාව ජන ජීවිතවල කටයුතු අඩපණ නොකරන බවට සහතික වන මෙන් අගමැතිවරයා ඉල්ලා සිටියේය.  

මේ වන විට ස්පාඤ්ඤයෙන් වයිරසය ආසාදිත රෝගීන් 405000 කට වඩා වාර්තා වන අතර වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 28800 ඉක්මවයි.

-226-

(බීබීසී ඇසුරෙනි)