ස්ලොවේකියා අග්රාමාත්ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.
මීට වසර තුනකට පෙර, රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු පුටින් හමුවීමට පැමිණි තෙවැනි බටහිර ලෝක නායකයා වන්නේ ස්ලොවේකියානු අග්රාමාත්යවරයාය.
යුරෝපා සංගමය, රුසියාවට එරෙහිව, යුක්රේනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන්, නිරන්තරයෙන් විවේචන එල්ල කළ බටහිර රාජ්ය නායකයකු වන්නේ ස්ලොවේකියානු අග්රාමාත්යවරයාය.
ස්ලොවේකියා අග්රාමාත්ය රොබර්ටෝ ෆිකෝ මෙම වසරේදී ඝාතන තැතකින් දිවි ගලවා ගත්තේය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී අග්රාමාත්ය රොබර්ටෝ ෆිකෝගේ සහාය හිමිවන්නේ, රුසියාවට සහ රුසියන් ජනාධිපති පුටින්ටය. රුසියන් යුක්රේන යුද්ධය සාමකාමී විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් ද රොබර්ටෝ ෆිකෝ සහ පුටින් අතරේ සාකච්ඡා කෙරුණි.