නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පාසල් වසා දමන බව ස්විට්සර්ලන්ත රජය අද (13) නිවේදනය කළේය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ ව්‍යාපාරවලට සහාය වීමක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ආධාර පැකේජයක් සපයන බව ද රජය සඳහන් කළේය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් එරට කොරෝනා වයිරසය මැඬීමට ආණ්ඩුව ගත් පියවර දැනුම් දෙමින් ජනාධිපතිනි සිමොනේටා සොමරූගා ඉහත කරුණු ප්‍රකාශ කළාය.
‘‘තත්ත්වය දුෂ්කරයි. එහෙත් අපි අභියෝග ජයගත යුතුයි. වෛද්‍ය අංශයෙන් මෙන්ම මූල්‍ය අංශයෙන් ද අභියෝග තිබෙනවා’’ යැයි ස්විස් ජනපතිනිය සඳහන් කළාය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ස්විට්සර්ලන්තය මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. ස්විට්සර්ලන්තයෙන් කොරෝනා ආසාදිතයන් 1,125ක් පිළිබඳව තොරතුරු වාර්තා වූ අතර වයිරසය හේතුවෙන් හත්දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
ඒ.එෆ්.පී.
055