ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමජිකයන් වීම රුසියාවට ප්‍රශ්නයක් නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැති ‘නේටෝ’ මහ සමුළුවේදී, ස්වීඩනයට සහ ෆින්ලන්තයට සාමාජිකත්වය ලබා දීමට ‘නේටෝ’ සංවිධානය කැමැත්ත පළ කිරීමත් සමඟය.
“යුක්රේනය වගේ නොවෙයි, ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමයි. එයටයි අප විරුද්ධ. නේටෝ ව සමඟ එක් වෙනවා ද නැද්ද යන්න ස්වීඩනය සහ ෆින්ලන්තය ගන්නා තීරණයක්. ඒකට විරෝධය දක්වන්න අපට අයිතියක් ඇත්තේ නැහැ. ඔවුන්ට කැමැති තීරණයක් ගන්න පුළුවන්. කැමැති දෙයක් කරන්න පුළුවන්” යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර තිබේ.
“කෙසේ නමුත් ස්වීඩනය හෝ ෆින්ලන්තය හෝ රුසියාවට තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන්නේ නම්, අවස්ථාවට අනුව, ක්‍රමාණුකූලව ස්වීඩනයට සහ ෆින්ලන්තයට විරෝධය දැක්වීමට රුසියාව සූදානමින් සිටිනවා” යැයි ද රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ කියා සිටියේ ටර්ක්මෙනිස්තානයේ අගනුවර අෂ්ගාබාද්හිදී පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේය. රුසියන් ජනාධිපති පුටින්, ටජිකිස්තානයේත් ටර්ක්මෙනිස්තානයේත් සංචාරයක නියැළී සිටී.
පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති පුටින් විදේශ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. ටජිකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය රුසියන් හිතවාදී මධ්‍යම ආසියානු රාජ්‍යයන්ය.
(ඒ.එෆ්.පී.)