බටහිර රාජ්‍යයන් යුක්රේන සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමට උත්සහ දරණ බව රුසියාව චෝදනා කරයි.
යුක්රේනය විසින් ප්‍රථම වතාවට නිල වශයෙන් තම කොන්දේසි සාම සාකච්ඡා මේසයට ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටියදී යුක්රේනයේ බුචා නගරයේ රුසියානු හමුදා සමූල ඝාතන සිදු කළා යැයි කියමින් බටහිර රාජ්‍යයන් උසිගැන්වීම් සිදු කරන බව රුසියාව චෝදනා කරයි.
බටහිර රාජ්‍යයන් රුසියානු හමුදාවන් බුචා නගරයේ යුක්රේන සිවිල් ජනතාවට වධ හිංසා පමුණුවමින් සමූල ඝාතන සිදු කළා යැයි සිදු නොවූ දෙයක් මවා පාමින් යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් ඊයේ (05) ප්‍රකාශ කළේය.
තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති සාම සාකච්ඡාවල ප්‍රගතිය පෙන්නුම් කරන අවස්ථාවේ මෙම සිදුවීම් මාලාව කරළියට පැමිණ ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
(රොයිටර්)