කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා නත්තල් සාද, නව අවුරුදු උදාව සැමරීමේ සාද නවත්වා, සාප්පු සවාරි අවලංගු කරන, ඒකරාශී වී විනෝද වීමේ සියලු කටයුතු නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමු වූයේ බටහිර යුරෝපා රටවලටය. නත්තල සහ නව අවුරුදු උදාව නිමිත්තෙන් නිවාඩු කාලයේ විනෝද වෙමින්, ගමන් බිමන් සහ සාප්පු සවාරිවල යෙදෙන්නේ යුරෝපා වැසියන් වන අතර, ඔමික්‍රෝන් විකෘතිය වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ ද යුරෝපා රටවලය.
ලෝක සෞඛ්‍ය ප්‍රධානී ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ 'කොවිඩ් 19' ඩෙල්ටා විකෘති ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය කැපී පෙනෙන වේගයකින් ව්‍යාප්ත වන බැවින් ලෝකවාසීන් සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවය.
(රොයිටර්)