සිංගප්පූරු ජනපති ඉන්දියාවේ


සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි. ඒ, සිංගප්පූරු අගාමාත්‍යවරයා නවදිල්ලියට පැමිණි අවස්ථාවේදීය.

දෙරට අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි. 

අර්ධ සන්නායක, ඩිජිටල්කරණය, නිපුණතා සහ සම්බන්ධතා වැනි අනාගත ක්ෂේත්‍රවල සහයෝගීතාව මෙන්ම කර්මාන්ත, යටිතල පහසුකම් සහ සංස්කෘතිය තුළ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ද දෙදෙනාගේ අවධානය යොමු විය.
සිංගප්පූරු ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ද හමුවී තිබුණා. 

(එන්.ඩී.ටීවී)