සිංහයන්ගේ ජීවිත අනතුරේ


සුඩාන හමුදා රජයේ, හමුදා සොල්දාදුවන් සහ අතිරේක හමුදා බලඇණියේ සොල්දාදුවන් අතරේ ආරම්භ වුණු දරුණු අවි ගැටුම් හේතුවෙන්, එරට සිංහයන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයක කටයුතු ඇණහිට ඇතැයි වාර්තා වේ.

මෙම මධ්‍යස්ථානයේ විදුලි බලය ද ඇණහිට ඇති අතර, සිංහයන්ට අවශ්‍ය ආහාර නොලැබී යමින් පවතින බවත්, උන් හාමතේ පසුවන බවත් වාර්තා වේ. මෙම මධ්‍යස්ථානයේ රැකවරණය ලබන සිංහයන්ට දිනකයට කිලෝ 10 ක මස් අවශ්‍ය බව ද පැවැසෙයි.

(බීබීසී)