සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාපධිතිවරණය පැවැත්වුණු අතර, දිගටම ධුරයේ රැඳී සිටීමට, ජනාධිපති එමර්සන් මනන්ගාවාට ජන වරමක් හිමිවිය.
එමර්සන් මනන්ගාවාට සියයට 52.6 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි.
ජනාධිපතිවරණයේ දී දූෂණ වංචා සිදුවුණු බවට චෝදනා එල්ල වී ඇති අතර, ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව නොපැවති බවට ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ද පෙන්වා දී ඇත.
සිම්බාබ්වේ වැසියන් 80 හැවිරිදි එමර්සන් මනන්ගාවා ‘කිඹුලා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි. ඒ, ඔහුගේ දැඩි තීන්දු තීරණ නිසාය.