සිරකරුවෝ තවම නිදැල්ලේ


බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලය අතරතුරේ, එරට බන්ධනාගාර ප්‍රධාන  පහකින් අපරාධකරුවන් 2,200 දෙනකු පලා ගිය බවත්, එයින් 700 දෙනකු යළි අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හෝ පොලිසියට හෝ හැකියාවක් ලැබී නැතැයි පැවැසෙයි.

තවමත් නිදැල්ලේ පසුවන මෙම 700 දෙනා දරුණු ගණයේ අපරාධකරුවන් යැයි බංග්ලාදේශයේ බන්ධනාගාර කටයුතු පිළිබඳ ප්‍රධානී සයඩ් මොහම්මඩ් මොටාහර් හොසේන් පැහැදිලි කර ඇත. 

බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය උත්සන්න වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය. 

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙහෙයවූ එම අරගලය උත්සන්න වෙද්දී, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, ධුරය අතහැර, අසල්වැසි ඉන්දියාවට පලා ගියාය. තවමත් ඇය ඉන්දීය රජයේ ආරක්ෂාව යටතේ ඉන්දියාවේ ජීවත් වෙයි.