සිරවී සිටින ලක්ෂ 4ක් ගෙන්වා ගන්න ඉන්දියාව ගුවන් යානා යවයි


විදේශවල සිර වී සිටින ඉන්දීය ජාතිකයන් 400,000 ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානා යැවීමට එරට බලධාරීහු තීරණය කර ඇත.

ඒ අනුව එම ගුවන් යානා හෙට (6) සිට ඉන්දීය ජාතිකයන් සිර වී සිටින රටවලට ගමන් ආරම්භ කිරීමට නියමිතය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ලොවපුරා රටවල් සංචාරක සීමා පැනවූ අතර මේ හේතුවෙන් ඉන්දියාව ඇතුළු රටවල් රැසක් ජාතිකයෝ ඔවුන් සිටි රටවල සිරවූහ.

ඉන්දීය ජාතිකයෝ විශාල පිරිසක් විවිධ විවිධ රටවල වාසය කරන අතර ඇතැම්හු අධ්‍යාපන හා රැකියා කටයුතුවල නිරත වෙති. පිටරටවල සිටින ඉන්දීය ජාතිකයන් නැවත රටට ගෙන්වා ගැනීමේදී ඔවුන් සමඟා කොරෝනා ආසාදිතයන් ද රට තුළට පැමිණීමේ අවදානමක් ද හටගෙන ඇත.

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානා මෙලෙස නැවත රටට පැමිණීමට කැමැති ඉන්දියානුවන් රැගෙන ඒම සඳහා එම රටවලට යෑමට නියමිතය. මුල් අදිරය යටතේ මැදපෙරදිග, සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ඉන්දීය ජාතිකයන් රැගෙන ඒමට නියමිතය.
ඉන්දීය නාවික හමුදාවට මෙම කර්තව්‍යයට එක්ව සිටී. මීට පෙර ද නාවික යාත්‍රා යවමින් ඉන්දියානුවන් නැවත ගෙන්වා ගැනීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. නව අදියර යටතේ මාලදිවයිනේ සිටින ඉන්දියානුවන් ගෙන්වා ගැනීම සඳහා මාලදිවයිනට නැව් දෙකක් දියත් කිරීමට නියමිතව ඇත.

‘‘පීඩාවට පත්ව සිටින සේවකයන්, වැඩිහිටයන්, හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති පුද්ගලයන්, ගර්භණී කාන්තාවන් සහ දුෂ්කරතාවලට මුහුණ පා සිටින ඉන්දීය ජාතිකයන් ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙනවා’’ යැයි ඩුබායි හී ඉන්දීය කොන්සියලර් ජෙනරාල් කාර්යාලය සඳහන් කළේය.


අල්ජසීරා

055