සිරියාවේ හොම්ස් නුවර හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් 80 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 200 ඉක්මවයි.
ප්‍රහාරය එල්ල වූයේ හමුදා පාසලේ උපාධි ප්‍රදානෝත්සවයක් පැවැත්වෙද්දීය.
පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා ප්‍රහාරයට යොදා ගත් බව පැවැසෙයි. ප්‍රහාරයෙන් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ සිටි කැඩෙට් භටයන්ගේ පවුල්වල අය පවා ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී)