යුක්රේනයේ සටන් විරාමයක් නොවූ සටන් විරාමය තුළ රුසියානු බෝම්බ ප්‍රහාරය කට හසු වී මියගිය කාන්තාවක් සහ ඇයගේ දරු දෙදෙනා පිළිබඳ විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල කතා බහක් නිර්මාණය වෙමින් පවතී.
ඉහළ පෙළේ ගණකාධිකාරිනියක් වූ ටට්යානා සහ ඇයගේ නව හැවිරිදි දියණිය ඇලිස් සහ දහ අට හැවිරිදි පුත්‍රයා වූ නිකිටා මෙසේ සටන් විරාමය අතරතුර යුක්රේනයේ අර්පින් නගරයෙන් බේරි යාමට උත්සහ දැරීමේදී රුසියානු හමුදාවේ මෝටාර් ප්‍රහාරයකට හසු වී මියගොස් ඇත.
ටට්යානා සහ ඇයගේ දරුවන් දෙදෙනා පාර අයිනේ මියගොස් සිටින ඡායාරූප විදෙස් මාධ්‍ය අද දින ප්‍රසිද්ධියට පත් කළ අතර ඇයගේ සුරතල් සතුන් දෙදෙනා ඔවුන්ගේ මෘත ශරීර අසල කොර ගසමින් සිටින අයුරුද ඡායාරූප වල සටහන් වී ඇත.ඇයගේ අසනීප මව බලාගැනීමට සිදු වූ නිසා නගරය හැරයාමට ප්‍රමාද වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න