සිවුවැනි වටයේ සාකච්චා අවසන්


රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සිවුවැනි වටයේ සාකච්ඡා ඊයේ (14) රුසියන් සහ යුක්රේන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු නමුත් එය ද අසාර්ථක විය.

සාකච්ඡා අවසන් වූයේ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමේ අරමුණින් යැයි ද පැවැසෙයි. සාකච්ඡා පැවැත්වෙද්දී පවා, රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සිදුවිය.

සාකච්ඡාවලදී යුක්රේන නියෝජිතයන් දිගින් දිගටම ඉල්ලා සිටියේ අර්බුදයට විසදුමක් සෙවීමට නම් පළමුවෙන් යුක්රේන නගරවලට පහර දීම නැවැත්විය යුතු බවය. රුසියන් නියෝජිතයන් ඊට කන් නොදෙන බව වාර්තා වේ.

(රොයිටර්)